World

ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්

ගාසා තීරයේ පිහිටි එකම පිළිකා ප්‍රතිකාර රෝහලට ද ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තුර්කි පලස්තීන මිත්‍රත්ව රෝහල යනුවෙන් නම් කර ඇති මෙම රෝහල තුර්කියේ අනුග්‍රහයෙන් ඉදි කරන ලද්දකි.

ගාසා තීරයේ පිළිකා රෝගීන් 9,000 කට ප්‍රතිකාර ලබා දෙන එකම රෝහල මෙය යැයි විදෙස් මාද්‍ය වාර්තා කරයි.

මේ අතර, ගාසා තීරයේ රෆා නගරේය පලස්තීන වැසියන් පිරිසකට ඊශ්‍රායල ගුවන් හමුදාව ප්‍රහාරයක් එල්ල කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 30 දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලැබූ බවයි.

Related posts

ලොව පළමු පියාඹන කාරයට අනුමැතිය

colombotoday

සුවය පැතූ සැමට ස්තූතී – චාල්ස් රජු

Admin

ඉරාන විදේශ අමාත්‍ය මෙරට සංචාරයක

Admin

ආසියාවට කොරෝනා වසංගතය බෙදූ, පුද්ගලයින් 16,000 ක් සහභාගී වූ තබ්ලික් ජමාත් සමුළුව

colombotoday

පකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි

colombotoday

හයිටි රාජ්‍යට බලපෑ භූ කම්පනයෙන් මියගිය ගණන දහස ඉක්මවයි

colombotoday