Colombo Today Local News

“එදා වගේම අදත් අපි රණවිරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා.. අත නොතබනු” – ඇමති චම්පික

ශ්‍රී ලංකාවේ රණවිරුවන් විසින් සිදුකළ වීරෝධාර නීත්‍යනුකූල පරිත්‍යාගය කිසිම කෙනෙකුට අන්තර්ජාතිකව ප්‍රශ්න කිරීමට ජාතික හෙළ උරුමය ඉඩ නොතබන බව මහා නගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී පසුගිය 19දා පැවති ජාතික හෙළ උරුමය ජන හමුවක් අමතමිනි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ චම්පික රණවක මහතා,

“අපේ රණවිරුවන් විසින් සිදුකළ මේ වීරෝධාර නීත්‍යනුකූල පරිත්‍යාගය කිසිම කෙනෙකුට අන්තර්ජාතිකව ප්‍රශ්න කිරීමට අප ඉඩ තියන්නෙ නෑ. ඒක මේ රටේ අපේ ජනතාවට ඒ රණවිරුවන් කරපු ලොකු මෙහෙවරක්. ඒ වෙනුවෙන් අපි එදත් පෙනී සිටියා, හෙටත් පෙනී සිටිනවා. ඒ ක්‍රියාවලිය අපි කරනවා.” යැයි පවසා සිටියේය.

Related posts

පාර්ලිමේන්තුවට කුණු පලතුරු.. අල්ලස් ගත් නිලධාරියා රිමාන්ඩ්

colombotoday

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්

colombotoday

බිල් ගෙවා නෑ.. පාසල් 2700ක නෙට් කපලා දැන් දින 14යි

colombotoday

“නුවරඑළියේ ප්‍රා. සභා පහ දොළහක් කළ යුතුයි” – ඇමැති මනෝ ගනේෂන්

colombotoday

ගනුදෙණුව ඉවරයි.. ආචාර්ය නිර්මාල් පුරවැසි බලයෙන්, සාධාරණ සමාජයෙන් ඉවත් වෙයි !

colombotoday

ගාල්ලේ පාසල් තවදුරටත් වසා තැබීමේ තීරණයක්

colombotoday