අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන නොවැම්බර් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
විභාග ප්‍රතිඵල පරිගණකගත කිරීමේ කටයුතු මේදිනවල කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 පසුගිය මැයි මාසයේදී මධ්‍යස්ථාන 3568 කදී පැවැත්විණි.
පරිගණක ගත කිරීමේ කටයුතු අවසන්වූ වහා විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.