Colombo Today Local News

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ගැන අමාත්‍ය මණ්ඩලයේ අවධානය

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් හදිසි තත්ත්වයක් ඇති වුවහොත් එරටින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඉවත් කර ගැනීම පිළිබඳව ඊයේ (13)දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ලක්ව ඇති බව වාර්තා වේ.

දැනට ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් 8,000කට අධික පිරිසක් සිටින බව සඳහන්.

මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති නමුත් අවසන් තීරණයක් ගෙන නොමැති අතර ගැටුම් පවතින ප්‍රදේශයේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු තීරණයක් ගැනීමට නියමිතව ඇත.

Related posts

සූජීව ඇලෝසියස්ගෙන් ලක්ෂ 30 ක් අරන්… අධිකරණයේදී සියල්ල හෙළිවේ

colombotoday

හෙට විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

රවීව අත්අඩංගුවට ගැනීම හෙට තෙක් අත්හිටුවයි !

colombotoday

නීතිවිරෝධී වාහන ජාවාරම්කරුවන්ට සහනයක්, දෙන්න රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday

මාළිගාවත්තේදී වෙඩි වැදී රෝහල්ගතව සිටි අයෙක් මිය යයි

Admin

ඩොනල් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ ඡන්ද විමසීම අද

colombotoday