Colombo Today Local News

කොළඹ ප්‍රදේශ 4කින් ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ යයි

කොළඹ ප්‍රදේශ 4 කින් ඩෙංගු රෝගින් වාර්තා වීම ඉහළ යමින් ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ, නාරාහේන්පිට, කිරුළපන, මෝදර හා මට්ටක්කුලිය යන ප්‍රදේශවලින් එලෙස ඩෙංගු රෝගින් වාර්තාවීම ඉහළ යමින් ඇති බවයි.

මීට සති තුනකට පෙර අදාල ප්‍රදේශවලින් දෛනිකව ඩෙංගු රෝගීන් දෙදෙනකු පමණ වාර්තාවී ඇති අතර මේ වනවිට එම සංඛ්‍යාව 5 ක් හෝ 6 ක් දක්වා ඉහෙළ ගොස් ඇති බව වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

ඒ පිළිබඳ ජනතාව සැළකිලිමත් විය යුතු බව ඔහු වැඩිදුරටත් දැනුම්දෙයි.

Related posts

සජිත් පවත්වන්න ගිය උත්සවයක් මැතිවරණ කොමිසම අත්හිටුවයි.. බෙදන්න ගිය බඩුත් ඔතන් පිටවෙයි

colombotoday

ගල්කිස්ස-සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධිය හා සම්බන්ධ ප්‍රධාන සැකකරු මරුට

colombotoday

පොලිස් වෙඩි පහරින් තරුණයෙකු මිය යයි.. ජනතාව පොලිසිය වටලා පහර දෙයි.. කතරගම උණුසුම්

colombotoday

නාමල් කුමාරට ආරක්ෂාව සලසන්න – උසාවියෙන් සීඅයිඩියට නියෝග

colombotoday

විදුහල්පතිනිය ලවා වන්දවාගත් මහ ඇමතිට එරෙහිව ගුරු සංගම් සටනට

colombotoday

එක්සත් ජාතීන්ගේ හිටපු මහ ලේකම් බැන් කී මූන් දිවයිනට

Admin