ප්රදේශ කිහිපයකට කෙටි පණිවිඩ මගින් මාසික බිල්පත් ලබාදෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව දකුණු කොළඹ, මහනුවර දකුණ, පොළොන්නරුව සහ ත්රිකුණාමලය යන ප්රඩ්ස්හවලට මෙම කෙටි පණිවිඩ සේවාව ක්රියාත්මක වන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඔක්තෝම්බර් 1 වනදා සිට අදාළ කෙටි පණිවිඩ සේවාව ක්රියාත්මක වනු ඇති.
2024 ජනවාරි මස පළමුවනදා සිට මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කළේය.