Colombo Today Local News

යතුරුපැදි අනතුරින් පාසල් සිසුවෙක් මරුට

මානිප්පායිි පොලිස් වසමේ සංදිලිප්පායි හින්දු විද්‍යාලය අසලදී මාරක රිය අනතුරක් සිදු වී තිබේ.

ඊයේ(03) සවස් කාලයේ සංදිලිප්පායි දෙස සිට ඉලවායි දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ දකුණට හැරවීමට යාමේදි පසුපසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

පසුපසින් පැමිණි යතුරුපැදිකරුට සිය යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් දුරකථන රැහැන් කණුවක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා චංකානි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 19ක් වූ සිලාලෙයි ප්‍රදේශයේ පදිංචි පාසල් ශිෂ්‍යයෙකි.

මෘත ශරීරය චංකානි රෝහලේ තැන්පත්කර ඇති අතර මානිප්පායිි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

යතුරුපැදි හිස්වැසුම් භාවිතයට මූලික කරුණු 10ක්.. ගැසට් නිවේදනය මෙන්න

colombotoday

බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි කමිටුවේ අතුරු වාර්තාවට කැබිනට් අනුමැති

colombotoday

සොත්ති උපාලිගේ පුතා මදිවාට දුවත් ජාවාරමේ. පාතාලයේ අලුත්ම තත්ත්වය.

colombotoday

විල්පත්තු වන රක්ෂිතයේ නියෝගයට එරෙහිව බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

සියලු ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ මාර්තු 29 වැනිදා දක්වා නිවාඩු !

colombotoday