Colombo Today Local News

මට්ටක්කුලියේ දෙපිරිසක් අතර ගැටුමකින් තරුණයෙක් මරුට

මට්ටක්කුලිය ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර ඊයේ (24) රාත්‍රී හටගත් ගැටුමකින් කැපුම් තුවාල ලැබූ පුද්ගලයකු මියගොස්, තවත් පුද්ගලයකු තුවාල ලබා තිබේ.

ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව මට්ටක්කුලිය පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගමන් කිරීමත් සමඟම, කැපුම් තුවාල ලබා මාර්ගයේ වැටී සිටි පුද්ගලයකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව මට්ටක්කුලිය පොලිසිය පවසයි.

මෙම ගැටුමට මුල් වූ තවත් (28) හැවිරිදි තරුණයකු තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය පවසයි.

Related posts

ඉන්ධන ගැටලු ගැන ලොකුගේට කියන්න අංකයක්

colombotoday

ඇමති මංගල එජාපයේ පසු පෙළ මන්ත්‍රීවරු මහ රෑ ගෙදරට ගෙන්වා ගනී !

colombotoday

හොර නෝට්ටු 602ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

පාන් මිළ රු 5කින් පහළට !

colombotoday

සජීවීව: බොදු බල සේනා මාධ්‍ය හමුව 2019/07/17

colombotoday

ගෑස්වල පීඩනය මනින කිසිදු උපකරණයක් සමාගම් දෙකම සතුව තිබි නැහැ – ගෑස්වලට තවම සහතිකයක් දෙන්න බැහැලු

colombotoday