Colombo Today Local News

ගෑස්වල පීඩනය මනින කිසිදු උපකරණයක් සමාගම් දෙකම සතුව තිබි නැහැ – ගෑස්වලට තවම සහතිකයක් දෙන්න බැහැලු

ගෑස් සිලින්ඩර ප්‍රශ්නය සියයට සියයක් නිවැරදිවී ඇතැයි පාරිභෝගික ජනතාවට තවමත් සහතිකයක් ලබාදිය නොහැකි බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (8)දින පවසයි.

නිෂ්පාදන සමාගමක් ගෑස් නිෂ්පාදනයේදී යම් වරදක් කර ඇත්නම් උපරිම වශයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කරයි.

අලගියවන්න මහතා මෙසේ පැවසූවේ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ගෑස්වල සංයුතිය වෙනස්වීම නිසා මේ ප්‍රශ්නය ඇතිවූ බව කවුරුත් පිළිගත යුතු යැයිද ඔහු සඳහන් කළේය.

ගෑස් සිලින්ඩර ප්‍රශ්නය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත විද්‍යාත්මක තීන්දුවක් ලැබී නැතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා කිසිදු ආයතනයක් 1960 ගණන්වල සිට මේ දක්වා ගෑස් නියාමනයක් කර නැතැයිද ප්‍රකාශ කළේය.

ගෑස් නිෂ්පාදනයේදී පාරිභෝගිකයාගේ ආරක්ෂාවට ක්‍රියාමාර්ග රැසක් ගත යුතුව ඇති බවත් එම නිෂ්පාදන ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රශ්න ගණනාවක් නිරීක්ෂණයවී ඇති බවත් අලගියවන්න මහතා කීවේය.

මේ තත්වය නිරාකරණය කරගැනීමට ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇතැයි පැවසූ රාජ්‍ය ඇමැතිවරයා ගෑස් සිලින්ඩර නැවේදීම පරික්ෂා කිරීම එම එක් ක්‍රියාමාර්ගයක් බවද ප්‍රකාශ කළේය.

ගෑස්වල පීඩනය මනින කිසිදු උපකරණයක් මෙම සමාගම් දෙක සතුව නොතිබූ බවත් ගෑස් සිලින්ඩර දැන් වෙළෙඳපොළට නිකුත් කරන්නේ පීඩනය මැන බවත් ඔහු කීවේය.

සීල් කඩා නැති ගෑස් සිලින්ඩර ආපසු ලබාගැනීමට කටයුතු කරගෙන යන බවද අලගියවන්න මහතා පැවැසීය.

ගෑස් සිද්ධි රටපුරා හාරසිය ගණනක් සිදුවී ඇති හෙයින් එම පාඩු ගණනය කරගෙන යන බවද ඔහු පැවසුවේය.

ගෑස් ගැටලුව සියයට සීයක් නිරාකරණය කරගැනීම අපේක්ෂා බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ සිද්ධි ඇතිවුණදා සිට ප්‍රශ්නය විසඳීමට තමා සහ තම නිලධාරීන් පැය 24 පුරා වැඩ කටයුතු කරගෙන යන බවද සඳහන් කළේ‍ය.

Related posts

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

ඇඳයි මෙට්ටෙයි මාරු කළා පිනට ආව මකුණෝ අපිව කෑවා – කබීර් හෂීම්

colombotoday

විදෙස් ජාතික නැවියන් දෙදෙනෙක් ජාත්‍යන්තර මුහුදු තීරයේ දී මියයයි

Admin

මන්නාරම සමුහ මිනීවල නිර්මාණය කර ඇත්තේ පෘතුගීසින් හෝ ලන්දේසීන්

colombotoday

දඹදිව සිට ඇවිත් ඥාණසාර හිමි ගුවන්තොටුපළේදී කීව දේ (Video)

colombotoday

“මහින්ද රාජපක්ෂ හොරකම් කළබව මං කියා නෑ.. ඔහුට විරුද්ධව චෝදනා කිසිවක් නෑ” – රාජිත

colombotoday