Colombo Today Local News

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මඟ හැරි රාජ්‍ය නිලධාරින්ට වැඩ වරදි ලකුණු

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වන ලෙස ආරාධනා කර තිබියදීත් එයට නොපැමිණෙන රාජ්‍ය නිලධාරින් සම්බන්ධ වාර්තාවක් දිස්ත්‍රික් ලේකම්වරයා මාර්ගයෙන් ජනාධිපති ලේකම්වරයා වෙත යොමුකරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගම්පහ ප්‍රාදේශීය ලේකම් සුරංගා ගුණතිලක මහත්මියට උපදෙස් දී ඇත.

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය දැඩි අවධානයකින් පසුවන බවද අමාත්‍යවරයා කීය.

සම්බන්ධීකරණ කමිටු සදහා රාජ්‍ය නිලධාරීන් නොපැමිණි විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා දිස්ත්‍රික්කයේ සංවර්ධනය වෙනුවෙන් තීන්දු තීරණ ගැනීම අපහසු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ‍ය.

Related posts

හාල්, පොල් රටින් ගෙන්වන්න – ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට උපදෙස්

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග 3ක් අල්ලයි

colombotoday

බෝගම්බර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙන ආ නියාමකවරයෙක් මාට්ටු

colombotoday

වැලිගමින් පිළිකා කාරක අඩංගු පරිප්පු කිලෝ 3150ක් හමුවෙයි

colombotoday

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතය ත්‍රීකුණාමලය වෙරළට කිලෝමීටර් 280 ක් දුරින්

colombotoday

යහපාලනයෙන් නීතියේ ආධිපත්‍ය වලපල්ලට – ජෙෂ්ඨයා වෙනුවට කනිෂ්ඨයා ශ්‍රේෂ්ඨාධිකරණයට?

colombotoday