Colombo Today Local News

උඩවලව ජලාශයෙන් වගා ප්‍රදේශ 70% කට ජලය මුදා හැර අවසන්

උඩවලව ජලාශයෙන් වගා කෙරෙන ප්‍රදේශවලින් 70% කට මේ වනවිට ජලය මුදා හැර අවසන් බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසයි.

චන්ද්‍රිකා වැවට ජලය මුදා හැරිම අඛණ්ඩව සිදු කරන බව එම අධිකාරිය සඳහන් කරයි. කෙසේ වෙතත් මුරවැසි හේන, මයුර පුර හා අගුණකොළපැලැස්ස යන ප්‍රදේශවල කුඹුරු ඉඩම් සඳහා ජලය මුදා හැරීමට හැකිව නැත.

එම ප්‍රදේශවල ජලය මුදා හැරීම අද (16)දිනයේ හා හෙට (17)දිනයේ සිදු කිරීමට හැකිවෙතැයි මහවැලි අධිකාරිය විශ්වාසය පළ කර සිටි.

ඊයේ දිනයේ ද සමනල වැවේ සිට අක්කර අඩි 1500 ක් උඩවලව ජලාශයට මුදා හැරුණු බව මහවැලි අධිකාරිය පවසයි.

මේ අතර වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මේ වනවිට ජලාශවල ධාරිතාව 29% ක් දක්වා අඩු වී ඇති බවයි.

කුරුණෑගල බතලේගොඩ වැවෙන් පෝෂණය වන ඇතැම් කුඹුරු ඉඩම්වලට ජලය සැපයීමේ දුෂ්කරතා මතුව ඇති බව එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ ය.

ඇය වඩි දුරටත් සඳහන් කර සිටින්නේ, උපරිම කළමණකාරණයකින් යුක්තව යළ කන්නය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ජලය මුදා හැරීමට සියලු පියවර ගන්නා බවයි.

Related posts

“රටේ අපරාධ වැඩිවෙලා නෑ.. මාධ්‍ය නිසයි වැඩිවෙලා වගේ පෙන්නේ“ – පොලිස්පති

colombotoday

බිලියනයක රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි ශ්‍රීලනිප මහ ලේකම්ට එරෙහිව ජනිපෙ අල්ලස් කොමිසමට යයි

colombotoday

කොවිඩ් මෘතදේහ වලලන්න තවත් සුසාන භූමි තුනක්

colombotoday

ආණමඩුවේ නිවසේ ස්වයං නිරෝධායනය වූ පුද්ගලයෙකුට යළි කොරෝනා වැළදෙයි

colombotoday

“රාජිතල කියන්නේ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු නෙවෙයි.. බොරුකාරයෝ !“ – ගෝඨා

colombotoday

පොල් අර්බුදයට කදිම විඳුමක් ජංගම රථ මගින් පොල් බෙදීමට ‍රජය සූදානම්

Admin