Colombo Today Local News

අධික උෂ්ණත්වය දරුවන්ට අහිතකරයි – දෙමාපියන් අවධානයෙන් සිටින්න

පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් වැඩි වශයෙන් ස්වභාවික දියර ආහාර ළමුන්ට ලබා දෙන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටි.

පවතින තත්ත්වය හමුවේ, දිවා කාලයේ උෂ්ණත්වය ඉහළ යාමත් සමග දරුවන්ට අපහසුතාවයන් ඇතිවන බව වෛද්‍යවරයා පවසයි.

කුරුම්බා වතුර, දෙහි, දොඩම්, නාරං, දෙළුම්, කැඳ ආදී දෑ පානය කිරීම විජලනය වළක්වාගැනීම සඳහා වැදගත් වන බව ද, අධික රස්නය හේතුවෙන් හිසරදය, වමනය, නින්ද නොයෑම, ඇතැමුන්ට අධික නිදිමත ගතිය ඇතිවීම මෙන්ම ආහාර රුචිය අඩුවීම ද දරුවන් අතර දැකිය හැකි බව ද සඳහන්.

ඒ අනුව, ජලය පානය නොකර දරුවන් පාසල් යාමෙන්, සෙල්ලම් කිරීමෙන් සහ පාරේ ඇවිදීමෙන් ඔවුන්ට විජලන තත්ත්වයන් සහ තාප කම්පන තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන බව වෛද්‍යවරයා වැඩි දුරටත් පවසයි.

ඇතැම්විට වළිප්පුව වැනි තත්ත්වයන් පවා ඇතිවිය හැකියි.

මෙවැනි උෂ්ණාධික තත්ත්වයක් යටතේ දරුවන්ට සමේ රෝග වැඩිවීම ද දක්නට ලැබෙන අතර මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කරයි.

එසේම, නිරන්තරයෙන් දරුවන් නෑවීම, දවසකට දෙවරක් හෝ නෑවීම වැදගත් බව ද අනාවරණය කළ වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ, විනාඩි 20ක් පමණ එක් වරකට වතුරේ තැබීම කළ යුතු බවත් එමගින් සමේ රෝග අවම කරගැනීමේ හැකියාවක් පවතින බවත්ය.

Related posts

කොවිඩ් එන්නත ගන්න උනන්දුව මදි – විශාල එන්නත් තොගයක් විනාශ කිරීමට සිදුවෙයි

colombotoday

වැලිගම හෝටලයක පිපිරීමක්

colombotoday

“කාටවත් නිකන් කන්න දෙන්න බෑ… මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා.”

colombotoday

ඥානසාර හිමි කොඩිය ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට?

colombotoday

පිරමීඩ ජාවාරමට හසු වූ උපකාරක ගුරුවරයාගේ සිරුර බොල්ගොඩ ගඟේ තිබී හමුවෙයි

Admin

වරාය සේවකයෝ පාරක් වහයි – කොළඹ කොටුව මාර්ග අවට දැඩි රථවාහන තදබදයක්

Admin