Colombo Today Local News

සහල් මගඩියට සම්බන්ධ කැබිනට් ඇමති FCID දක්කයි ?

sahal

රජයේ ප්‍රබල කැබිනට් ඇමැතිවරයකු ඉදිරි දින කිහිපය තුළ ‍පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවීමට නියමිතව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

සහල් මෙට්‍රික් ටොන් 225,000ක් ඉන්දියාවෙන් ආනයනය කොට සතොස ජාලය හරහා බෙදා නොහැර ඒවා අඩු මිලට පෞද්ගලික වෙළෙඳුන් අතට පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබෙන පැමිණිලි සලකා මෙසේ මෙම අමාත්‍යවරයා ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම සහල් වෙළෙඳ‍පොළට නිකුත් නොකොට මිනිස් පරිභෝජනයට නුසුදුසු වන තත්ත්වයට පත් වන්නට ඉඩහැර සත්ත්ව ආහාර ලෙස පෞද්ගලික අංශයට අඩු මිලට විකිණීමට කටයුතු කර ඇති බවටද වාර්තා වේ. ඒ අනුව එම සහල් යළි සකසා ඇසුරුම් ගත කොට මෙරට හා විදේශ රටවලට ආනයනය කිරීමටද කටයුතු කර ඇතැයිද වාර්තා වී ඇත.
මෙම සිද්ධියට ඔහුගේ සොහොයුරකු සහ ඥාතියකු සම්බන්ධ බව මේ වන විට හෙළි වී ඇත.මෙම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇතැයි සඳහන් වේ. මොහුට විරුද්ධව පැමිණිලි කිහිපයක් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙතද ලැබි ඇතැයි සඳහන් වේ.

Related posts

කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ ඇතුළු දස දෙනෙක්ට වරෙන්තු.

colombotoday

පළාත් පාලන මැතිවරණ පනතේ දුර්වලතා ඉවත් කරන්න – මැතිවරණ කොමිසම විෂය භාර අමාත්‍යාංශයට දැනුම් දෙයි

colombotoday

ETI ෆයිනෑන්ස් සහ ස්වර්ණමහල් අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ?

colombotoday

අවුරුද්දට නොවැස්සොත් විදුලි කප්පාදු කාලයත් ඉහළට…

colombotoday

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

වරාය, මත්තල චීන සමාගම් දෙකකට… මහනුවර සිට හම්බන්තොට දක්වා සංවර්ධන තීරුවක් !

colombotoday