Colombo Today Local News

දුෂ්කර පාසැලක් වෙනුවෙන් මාධ්‍යවේදී ලංකා ජයවර්ධන පෙරමුණ ගනී (video)

අවුකන ඓතිහාසික පුර “අපි” සංවිධානය සහ දකුණු කොරියාවේ සේවයේ නියුතු “d-star මිතුරු එකමුතුව” එක්වසංවිධානය කළ මෙරට දූ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සහ දැනුමෙන් පිරිපුන් දරුවන් කැලක් බිහි කිරීම උදෙසා මාතලේ දිස්ත්‍රික්කයේ, ගලේවෙල ප්‍රදේශයේ, හොම්බාව මහා විද්‍යාලයට අඩුපාඩුවක් වූ පුස්තකාලය සඳහා භාණ්ඩ සහ පොත් ප්‍රදානය කිරීම පසුගියදා සිදුකෙරිණි.

එම පොත් බෙදා දීමේ උත්සවය සඳහා හොම්බාව මහා විද්‍යාලයේ විදුහල්පති එච්. ඩී. ඒ. ආර්. විජේකොන් මහාතා ඇතුළු ගුරු මණ්ඩලයද, දෙමපියන් සහ දූ දරුවන්ද අඩුපාඩු මධ්‍යයයේ ඉතා විශිෂ්ට ලෙස උත්සවය සංවිධානය කර තිබුණි.

එහිදී කාගේත් නෙත් ගැටෙන දසුනක් වූයේ එම පාසලේ තූර්ය වාද්‍ය කණ්ඩායමයි.

අඩුපාඩුකම් කොතෙක් තිබුණත් අඩු පාඩුවක් නොවෙන ලෙස තූර්ය වාද්‍ය කණ්ඩායම වාදනය කරමින් පැමිණ සිටින ආරාධිත අමුත්තන් පිළිගනිමින් දූ දරුවන් පෙන්වූයේ, මොනවා නැතත් අපට ආත්ම ශක්තියක් තිබෙන බවයි.

එම විද්‍යාලයේ දූදරුවන් ඉතා දක්ෂ ලෙස නැටුම්, ගැයුම් සහ වේදිකා නාට්‍යයක් ද පෙන්වමින් උත්සවය අලංකාරවත් කළේය.

අනතුරුව එම විද්‍යාලයේ පුස්තකාලය ස‍දහා ලක්ෂ එකහමාරකට නොවැඩි පොත් සහ භාණ්ඩ ප්‍රදානය කිරීම
අවුකන ඓතිහාසික පුර”අපි” සංවිධානයේ නිර්මාතෘ මාධ්‍යවේදී ලංකා D.ජයවර්ධන මහතා අතින් හොම්බාව මහා විද්‍යාලයේ විදුහල්පති එච්. ඩී. ඒ. ආර් විජේකොන් මහාතාට ප්‍රදානය කරන කෙරුණි.

මෙම මහගු සත්කාරයට ප්‍රධාන අනුග්‍රහය දැක්වූයේ දකුණු කොරියාවේ සේවයේ නියුතු දර්ශන නෝනිස් මහතා ඇතුළු ඩී-ස්ටාර් මිතුරු එකමුතු⁣ව වන අතර අවුකන ප්‍රදේශයේ පදිංචි ආර්. ඒ. එස්. අබේසේකර මහතා අතින් ලියැවුණු ඉතා වටිනා පොත් 22 ද එම පාසල සඳහා ප්‍රදානය කෙරිණි.

එම අවස්ථාවට අවුකන ඓතිහාසික පුර “අපි” සංවිධානයේ නිර්මාතෘ මාධ්‍යවේදී ලංකා D.ජයවර්ධන මහතා සහ d-star මිතුරු එකමුතුව නියෝජනය කරමින් ලහිරු හෂාන් මහතාත්වි ශේෂ ආරාධිත අමුත්තා ලෙස පරිසරවේදී මදූභාශන ප්‍රභාත් රනහංස මහතාද සහභාගී විය.

Related posts

ආපදා අවස්ථාවලදී සහන සැලසීම සදහා 2015 වසරේදී මා මුළු රටම රක්ෂණය කළා – රවී කරුණානායක

colombotoday

අසහනය නිසා කාදිනල්ගේ කටින් පිටවෙන දේවල්වලට පහර දීම වැරදියි. | මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමිගෙන් ප්‍රකාශයක්.

colombotoday

දෙමළ සන්ධානය මානව හිමිකම් කවුන්සිලයට යලිත් කේලාම් කියයි

colombotoday

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin

මහබැංකු අධිපති බැදුම්කර කොමිසමට සාක්ෂි දෙයි.. හෙටත් කැදවයි

colombotoday

එජාප නායකත්වය බාරගන්න මංගල ත් කැමැත්තෙන්..

colombotoday