Colombo Today Local News

මැනිං වෙළඳපොළේ විරෝධතාකරුවන් 11ක් අත්අඩංගුවට

අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවයක නිරත වූ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (26) පෙරවරුවේ මෙම පිරිස පෑලියගොඩ පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගත් බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පවසයි.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ කඩකාමර ලබා දීමේ දී ඇතිවු ගැටලුවක් මුල් කරගනිමින් එහි වෙළෙඳ සංගමය විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබු අතර ඊට අධිකරණය ඊයේ (25)දින වාරණ නියෝගයක් ද නිකුත් කර තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ සියලු වෙළෙඳසැල් වසා දමමින් වෙළඳුන් සිය කටයුතුවලින් වැළකී සිටියේය.

Related posts

අලුත් රජයේ කැබිනට් ප්‍රකාශක තනතුරු බන්ධුල, රමේෂ් ට!

colombotoday

ඩීසල් හිඟය හමුවේ තේ කර්මාන්ත ශාලා රැසක මෙහෙයුම් නවතී

colombotoday

පාර්ලිමේන්තුවේ වූ නොසන්සුන්තාව ගැන කථානායක ගෙන් විනය පරීක්ෂණයක්

colombotoday

කැළණි ගග තවත් සැර වෙයි.. කිසිදු සහන සේවාවක් නොළැබුණු මහ පිරිසක් අනතුරේ

colombotoday

ප්‍රා සභාපති බට වලට විදින්න පටවද්දී මාට්ටු

Admin

සුදත්ත රූපවාහිනී සභාපතිධූරයට?

Admin