Colombo Today Local News

කැලණි පාලමේ කෝටි විසි අටක ඇණ ගැලවීම ගැන සී.අයි.ඩී පරීක්ෂණයක්

කැලණි පාලමේ කෝටි විසි අටක ඇණ ගලවා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (18)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බන්දුල ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

මේ ගැන පොලීසිය පරීක්ෂණයක් පැවැත්වූවා. අලාභය ගැන පොලිසියේ පැමිණිලි කරලා තියෙනවා. පාලමට විශේෂ ආරක්ෂාව යොදවලා තියෙනවා. ඇත්ත සංඛ්‍යා දත්ත පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබාදෙනවා. රේල්පාරෙ තියෙන පොඩි යකඩ කෑල්ල පවා ගලවා ගෙන යන තත්වයක් ඇතිවෙලා තියෙනවා. ඒ ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා.

රේල් පාරේ යකඩ ගැලෙව්වම දුම්රියක් වුණත් පෙරලෙන්න පුළුවන්. මේ තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.

දයාසිරි ජයසේකර මහතා:

මම මේ අහන්නේ ඇණ පිළිබඳ කතා වස්තුව. කුඩ්ඩන් ඇණ ගැලවීමේ කතා වස්තුව. කෝටි 28 කියන්නෙ යකඩ කිලෝ හැත්තෑ හත් ලක්ෂයක්. ඒ කියන්නේ ඇණ පහළොස් ලක්ෂයක් ගලවලා. දිනකට ඇණ සියයක් ගැලෙව්වොත් ඉවර කරන්න අවුරුදු විසි එකක් යනවා. දින පන්සිය අනූ නවයක් කුඩ්ඩො ඇණ ගැලෙව්වා නම් දිනකට ඇණ 1300ක් ගලවන්න ඕන.

උදේ හයේ ඉඳලා හවස හය වෙනකම් කූඩ්ඩො ටික එකතුවෙලා ඇණ ගැලෙව්වා නම් ඇණ දහයයි ගලවන්න පුළුවන්. මේ වගේ ඇණ පිළිබඳ කතා වස්තුවක් ඔබතුමාගේ ආචාර්ය උපාධියටවත් එන්නෙ නැතුව ඇති කියලා මම හිතනවා. ඇත්තටම මෙහෙම ඇණ ගලවලාද.

Related posts

සමගිපුර මහල් නිවාසයේ තුන්වන මහලෙන් විසි කළ දරුවෙක් මරුට

Admin

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම අද..

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් මලු ගොඩ ගැසෙයි

colombotoday

අම්පිටියේ හාමුදුරුවෝ නැගෙනහිර මහඇමතිගෙ ගෙදරටම යයි.. රණවිරුවන් වෙනුවෙන් කන රත්වෙන්න කියා එයි

colombotoday

ඩොලරය උඩ යයි

Admin

“බොදු උරුමය බෞද්ධයන්ගෙන් වෙන් නොකරනු” – ශ්‍රීපාදය අඹගමුවෙන් වෙන් කිරීමට එරෙහිව විරෝධතා

colombotoday