Colombo Today Local News

පෞද්ගලික විශ්වවිද්‍යාලවල සිසුන්ට රජයෙන් පොළී රහිත ණයක් ගන්න අයැදුම්පත්‍ර භාරදීමට අවස්ථාව

පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රජයේ පොළී රහිත ණය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 2019, 2020, 2021 වර්ෂවල උසස් පෙළට පෙනී සිටි දරුවන්ට අයැදුම්පත්‍ර භාරදීමේ අවස්ථාව අද (04)දිනයේ සිට ආරම්භ කෙරේ.

අගෝස්තු 7 වෙනි දා දක්වා අයැදුම්පත්‍ර භාරදීමේ අවස්ථාව පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා රජයේ පොළී රහිත ණය ලබා ගැනීමේ අයැදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකිය.

එම වෙබ් අඩවියට පිවිස පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර මේ පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.

වැඩි විස්තර සඳහා 070-3555970 – 79 දක්වා දුරකතන අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

පාසල් සිසුවෙක් දුම්රියක ගැටෙයි

Admin

මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා ජුම්මා යාඥාව නවත්වයි

colombotoday

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටෙයි

colombotoday

සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට

colombotoday

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday

සිවාජිලිංගම් අත්අඩංගුවට ගන්න එහෙම හදිසියේ බෑ.. උසාවි නියෝගය කඩකලාදැයි හරියටම බැලිය යුතුයි..

colombotoday