Colombo Today Local News

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයකට ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ දෙන්නෙ නෑ – ජනපති රනිල් විදෙස් මාධ්‍යට කියයි

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයක් සඳහා ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ ලබා නොදෙන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේදී ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා පසුගියදා ප්‍රංශයේ සංචාරයක නිරත වූ අතර එහිදී ප්‍රංශ මාධ්‍ය ආයතනයක් සමග සාකච්ඡාවක් ද පවත්වා තිබුණි.

එම මාධ්‍ය හමුව උපුටා දක්වමිනුයි ඉන්දීය මාධ්‍ය එලෙස වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවේදී වැඩි වශයෙන් අවදානයට ලක් වු බවයි.

වසර 1500ක පමණ කාලයක සිට චීන ජාතිකයන් ශ්‍රී ලංකාවේ සිටි බවත් මෙතෙක් කිසිදු හමුදා කඳවුරක් නොතිබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එසේම චීනය සමග කිසිදු හමුදා ගිවිසුමක් නොමැති බවත්, ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයක් සඳහා ශ්‍රී ලංකාව යොදා ගැනීමට තමා ඉඩ නොදෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකාව මධ්‍යස්ත රටක් ලෙසට ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා මාධ්‍යවේදියාගේ ප්‍රශ්නාවලට පිළිතුරු ලබා දෙමින් සඳහන් කර ඇත්තේ චීනය සමග කිසිදු යුද ගිවිසුමක් නොමැති බවයි.

එසේම එවැන්නක් ඇති නොවන බවත්, යුද ගිවිසුමක් සඳහා චීනය යෝජනා කරනු ඇති බවට ද තමා විශ්වාස නොකරන බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.

Related posts

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. අද කොච්චිකඩේ.. වෙඩිතැබීමකින් අයෙක් නසී

colombotoday

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශයක් බලරහිත කරන්නැයි ඉල්ලා රිට් පෙත්සමක්

colombotoday

කුලියාපිටියේ වෙළෙඳසැලක ගින්නක්

colombotoday

කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා ලංකාවට

Admin

තිස්‌සගේ ඇප ඉල්ලීම ඉවතට

colombotoday

තිස්ස කුට්ටිආරච්චි මාස හයක වැටුප පරිත්‍යාග කරයි

colombotoday