මස් පිණිස අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටි ගවයින් 14 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ගවයින් අතර කිරි ගවයින් හය දෙනෙකුද වන බව වාර්තාවේ.
ව්‍යාජ බලපත්‍ර යොදාගනිමින් ප්‍රවාහනය කර තිබූ මෙම ගවයින් ගවඝාතකාගාරය තුළදී නිදහස් කර ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 55 සහ 45 වන බව වාර්තා වේ.
බදුල්ල පොලිසිය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කරයි.