Colombo Today Local News

රුපියල් බිලියන 15ක සිගරට් විනාශ කරයි

2021 වසරේ නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ රුපියල් බිලියන 15කට වැඩි වටිනාකමින් යුත් දුම්වැටි මිලියන 200ක් කෙරවලපිටියේදී විනාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, රේගුව විසින් රජයේ ආදායම ලෙස රුපියල් බිලියන 13ක මුදලක් ඉතිරි කරදීම පිළිබඳ ස්තූතිවන්ත වන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“රේගුව මෙහෙම කළේ නැත්නම් අපිට අහිමිවන ආදායම කෝටි 1300ක්. මේ සිගරට් තොගය තමා අද විනාශ කරන්නේ. මේවා විකුණන්න බෑ. මේවායේ තියෙන ප්‍රමිතිය ගැන කිසිම වගකීමක් කාටවත් නෑ. කඩලා බලපු සිගරට් සම්පූර්ණයෙන්ම අවපැහැ ගැන්වෙලා. ඒ නිසා මේවා සම්පුර්ණයෙන්ම විනාශ කරන්නේ. මේවා විනාශ කිරීම වෙනුවෙන් අපිට ලංකාවේ දුම්කොළ සමාගමෙන් මේ සිගරට් එකකට රු 2ක්. ඒ කියන්නේ කෝටි 40ක් ඒ අයගෙන් අයකර ගන්නවා. ආයතන තුනක් තමා මේවා ගෙනාවා කියලා වාර්තා වුණේ. ඒ අයට ලක්ෂ 25ක දඩයක් ගහලා තමා මේවා රාජසන්තක කරේ. මේක රාජ්‍ය ආදායම පැත්තෙන් බලපුවහම ඉතාම වැදගත්. අනෙක් පැත්තෙන් මේක සමාජගත වුණානම් කිසිම ප්‍රමිතියකින් තොර සිගරට් කෝටි 20ක් පරිභෝජනය කරනවා. මේක රේගු ඉතිහාසයේ විශාලම සිගරට් තොගය විනාශ කරන.”

Related posts

හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද පූර්ව භාග 10.17ට

Admin

නිරෝධායන නීති නොතිබුණ ද සංචරණය සීමා කරන්න – පොලීසිය

colombotoday

ඇප පනත උල්ලංඝනය කර සසිදරන්ට ඇප දුන්නේ කොහොමද? උතුරේ තවමත් ඊළාම් උසාවි !

colombotoday

යෙන් බිලියන 37ක බර ණයක් අරගෙන ජනපති කටුණායකින් බහී

colombotoday

ඥානසාර හිමිට නොකල වරදවල් 4 ක් ඔප්පු කොට දඩුවම් දුන්නා – බොදු බලෙන් ජනපතිට ලිපියක්

colombotoday

ඉන්දියාවේ සිට සේවකයින් 45 දෙනෙකු රැගෙන එයි

colombotoday