Colombo Today Local News

පොලිසියෙන් වෙඩි කා පැන ගිය වෙරන්තුකරුවෙක් අල්ලයි

ඊයේ (12) දහවල් උරගස්මන්හන්දිය ප්‍රදේශයේ දී පොලිසියේ වෙඩි ප්‍රහාරයට ලක්ව පලාගිය වරෙන්තුකරුවෙක් අද(13)දින පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ පාළු නිවසක සැඟව සිටියදී ය.

ඊයේ දහවල් වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින් කණ්ඩායමක් උරගස්මන්හන්දිය ප්‍රදේශයට ගොස් ඇත.

එහිදි යතුරුපැදියෙන් පැමිණි වරෙන්තුකරු නවතා පොලිස් නිලධාරින් ඔහු අත්අඩංගුවට ගැනිමට උත්සාහා දරා තිබු බව සඳහන් ය.

එම අවස්ථාවේදි පොලිස් නිලධාරින් සමග අදාළ පුද්ගලයා පොර බදා ඇති අතර එය වැළැක්වීමට අසල සිටි පොලිස් සැරයන්වරයා අහසට වෙඩි 02ක් තබා තිබේ.

අහසට වෙඩි තැබුවත් වරෙන්තුකරු මෙල්ල නොවීම හේතුවෙන් ඔහුගේ පාදයට පොලිස් නිලධාරින් වෙඩි තබා ඇතැයි, උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.

කෙසේ වෙතත් වරෙන්තුකරු පාදයට වෙඩි වැදී සිටියදී පළාගොස් තිබිණ.

Related posts

ගාල්ලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

බලයට ආවම ණය ගන්නව කියල සජිත් පොරටෝක් දෙනවා

Admin

“මැතිවරණ කොමිසම දේශපාලනය කරනවා” පැවසු විමල්ට මැකෝ ශිෂ්ඨත්වය උගන්වයි.

colombotoday

කෝප් කමිටු වාර්තාව එයි.. බැදුම්කර හොරු තීන්දුයි !

colombotoday

ස්වාධීන රූපවාහිනී ස්ථාවර තැන්පතුවටත් යහපාලන ආණ්ඩුව විදලා

colombotoday

LTTE යට එරෙහිව උතුරෙන් මානව හිමිකම් කාර්යාලයට පැමිණිල්ලක්

colombotoday