Colombo Today Local News

හොරණ පාසලක ගුරුවරියකගේ අත්බෑගය පාසලේදී සොරකම් කරලා

හොරණ ප්‍රධාන පෙළේ පාසලක ගුරු විවේකාගාරය තුළ තිබූ ගුරුවරියකගේ අත්බෑගය කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.

එම අත්බෑගය තුළ රුපියල් 120,000ක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, රුපියල් 7,000ක් පමණ වටිනා දුරකථනයක් මෙන්ම රුපියල් 6,000ක මුදලක් තිබුණු බව ගුරුවරිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.

ඊයේ (11)දින ළමුන්ගේ දෙමාපියන් කැඳවා පාසලේ පිරිසිඳු කිරීමේ කටයුතු කර ඇති අතර එම කටයුතු පරීක්ෂාකර බැලීම සඳහා ගුරුවරිය 6 හා 7 ශ්‍රේණි සඳහා වෙන්කර ඇති ගුරු විවේකාගාරයේ මේසයක් මත සිය අත්බෑගය තබා පිටව ගොස් විනාඩි 50ක පමණ කාලයකින් අනතුරුව නැවත පැමිණ බලනවිට එය නොමැති බව දැක තිබූ බව පොලීසිය කියයි.

පසුව අනෙකුත් ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් දැනුවත් කර බෑගය ගැන සොයාබැලුවත් එය හමුනොවූ බව ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

සහල් මාෆියාව පිටුපස ඉහළම තැනක බලවතෙක් – ගොවිජන සම්මේලනය හෙළිකරයි

colombotoday

යන යකා කොරහත් බිඳගෙනම යයි… ආණ්ඩුවේ තවත් පාපකර්මයක් හෙලිවෙයි…

colombotoday

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday

අද රාත්‍රී 11.30 තෙක් වලංගු අවවාදාත්මක නිවේදනයක්

Admin

ඌව පළාත්සභාවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට…

colombotoday

හපුතලේ නව නගරාධිපති දිවුරුම් දෙයි

colombotoday