නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ භාණ්ඩ සහිත බහාලුමක් රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.
රුපියල් මිලියන 300ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් ඒ තුළ ඇතුළත් වෙයි.
රුපියල් මිලියන 200ක රූපලාවන්‍ය නිෂ්පාදන, වාහන තුනක් එකලස් කිරීම සඳහා අවශ්‍ය කොටස්, මත්පැන් සහ දුම්වැටි තොගයක් අදාළ බහලුම තුළ තිබී සොයාගෙන ඇති බව රේගු නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.
වාහන අමතර කොටස් ආනයනය කරන බවට හඟවමින් මෙම බහාලුම ගෙන්වා ඇති බවද වාර්තා වෙයි.