කොළඹ නිදහස් චතුරස්ර භූමියේ සිටි යුවලක් ආරක්ෂක නිළධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ දරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. එහි දැක්වෙන ආකාරයට හේතුවක් නොමැතිව එම යුවල ඉවත් කිරීමටට විරෝධය පළකරමින් පිරිසක් මේ වනවිට නිදහස් චතුරස්රයේදී විරෝධතාවක නිරත වෙති.
“නිදහස නිදහස් චතුරස්රයක කොටුවී ඇත” “සදාචාරයේ නිරුවත, ආදරය තහනම්” “අත් අල්ලන් හිටියම බෝවෙනවද HIV?” යැයි අසමින් ඔවුන් විරෝධයෙ නිරත වෙති.