Colombo Today Local News

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට වූ ඝාතනයට සැකපිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට දී 23 හැවිරිදි තරුණයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සිසුවා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරුට සහාය වීම සඳහා ඔහු සමග ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව පොලිසිය පවසයි.

පානදුර වෑකඩ ප්‍රදේශයේදී 31 වනදා රාත්‍රියේ පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි.

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී එම තරුණයාට කඩුවකින් පහර දී ඇති අතර පහර කෑ තරුණයා තුවාල ද සමග ඇඟලුම් කම්හලේ භූමිය වෙත දිවගොස් තිබුණි.

ඔහු පසුපස ලුහුබැඳ පැමිණි ඝාතකයා එම ස්ථානය තුළට ඇතුළු වී තරුණයාට කඩුවෙන් පහරදෙන ආකාරය එහි තිබූ සීසීටීවී කැමරාවේ ද සටහන්ව ඇත.

තරුණයාගේ හිස ප්‍රදේශයට දරුණු පහරවල් කිහිපයක් එල්ල කර ඇති අතර ඔහු එම ස්ථානයේම මියගොස් තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ මෝදරවිල තට්ටු නිවාස සංකීර්ණයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.

කලක පටන් දෙපිරිසක් අතර ඇතිව තිබූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරයි.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පලෙයි ඩොක්ටර් සමග තවත් 6ක් අත්අඩංගුවට

colombotoday

පදිංචියටත් නොගිහින් සබීතාගේ බිල්ඩිමට කෘෂකර්ම අමාත්‍යාංශය මාස 4ට, කෝටි 8ක් ගෙවලා !

colombotoday

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin

හොර සිගරට් 23,000 ක් වත්තල වෙළඳසැලකින් මාට්ටු

colombotoday

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

colombotoday

ධාවනය වෙමින් තිබූ වෑන් රථයෙන් ඇඳ වැටී පෙර පාසල් දරුවෙක් මරුට

colombotoday