Colombo Today Local News

දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක්..

අවුරුදු 05ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ජාතික පෝෂණ මාසයට සමගාමීව මෙම සමීක්ෂණය සිදු කෙරෙනු ඇති.

මේ යටතේ දරුවන්ගේ බර උස හා කෘෂ බව පරීක්ෂා කරන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කරයි.

පවුල් සෞඛ්‍ය නිලධාරීන් මගින් එම සමීක්ෂණය සිදුකරන බව ද ඇය ප්‍රකාශ කළේ ය.

පසුගිය වර්ෂයේ කළ සමීක්ෂණයෙන් අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 15.3% ක් අඩු බර දරුවන් ලෙස හඳුනා ගැනිණ.

මීට සමගාමීව පාසල් දරුවන්ගේ පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීමේ සමීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.

Related posts

ගාලු මුවදොර අනතුරක්

Admin

බදුල්ලේ ලැයින් කාමරපෙළක ගින්නෙන් පුද්ගලයින් 50ක් අවතැන්

Admin

යෝෂිත FCIDයට

colombotoday

අද පාර්ලිමේන්තු යනවාද? නැද්ද? – ආණ්ඩු පක්ෂයේ අවසන් තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසුව…

colombotoday

ඥානසාර හිමි සමග උඩුනුවර ආසනයේ පැවති භික්ෂු රැස්වීමකට පොලිස් බලපෑම්

colombotoday

අතුරු අයවැය ඉදිරිපත් කිරීම ඇරඹේ

colombotoday