පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ත්‍රිකුණාමලය තටාකාංගණය පාරේ පිහිටි නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා තිබු රුවල් නැවක සවිකර තිබු රුවලකට කිසියම් අයකු ගිණිතබා ඇති බව ත්‍රිකුණාමල වරාය පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කෞතුකාගාර බාර නිලධාරිනි බි.එච්.ඒ.රූපා නැමැති අය පොලිසියට පැමිණිල්ලක් කරමින් පවන්නේ කෞතුකාගාරයේ උඩුමහලේ තමන් සිටින විට පහල මාලයෙන් දුමක් පිටවිම නිසා බලද්දි මෙම රුවල ගිණිගෙන ඇති බවයි.
මෙම ගින්නෙන් රුවල් නැවට සුළු හානියක් පමණක් සිදු වි ඇති අතර වෙනත් ආකෘතිවලට හෝ කෞතුක භාණ්ඩවලට හානියක් සිදු වි නොමැත.