Colombo Today Local News

සක්විති ට එරෙහි නඩුව විභාගයට දින දෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබාගෙන සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ලවී සිටින සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.

මෙම නඩුව අද (18)දින කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා නියෝග කර ඇත්තේ, අදාළ නඩුව ජුලි මස 19 වනදා විභාගයට ගන්නා බවය.

මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් මේ වනවිට අධිකරණය විසින් ඇප මත මුදාහරිනු ලැබ සිටියි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් නවදෙනකු මීට පෙර නීතිපති උපදෙස් මත නිදහස් කර තිබුණි.

Related posts

හෙට සහ අනිද්දා කරන්ට් කපන හැටි

colombotoday

ආසියානු දැල් පන්දු කිරුළ ශ්‍රී ලංකාවට….

colombotoday

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි රැසක් වැසේ

colombotoday

බිත්තර අතිරික්තයක් තියෙද්දී ඉන්දියාවෙන් බිත්තර ගෙන්වයි – ඇමති ඩබලකගේ මරිසියක් එළියට

colombotoday

2020 උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

colombotoday

අලි සබ්‍රිගේ කීර්ති නාමයට හානි වුනාලු. | රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක්.

colombotoday