අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය විභාග රාජකාරී කළ ගුරුවරුන්ට විභාග දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 250ක හිඟ මුදලක් ගෙවීමට ඇතැයි වාර්තා වේ.
මෙම හිඟ මුදල් ගෙවීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් උසස් පෙළ පිළිතුරු පත්‍ර බැලීම සහ විභාග රාජකාරි කිරීම තවදුරටත් ගැටළු සහගත බව ලංකාගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මේ අතර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් නිරතවන ගුරුවරුන්ට රුපියල් 5000ක අත්තිකාරම් මුදල් නොගෙවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයීමේ මධ්‍යස්ථාන 13ක ගුරුවරු අද(15)දින පැය කීපයක් ඇගයීමේ කටයුතුවලින් වැලකී සිටියහ.