Colombo Today Local News

ගව හොකමේ ගිය අයෙක් වෙඩි කා මරුට – තවත් අයෙක් රෝහලේ

ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොරාගත් මී ගවයන් පටවා ගෙන පැමිණි ලොරි රථයකට අද (11) අලුයම ඇඹිලිපිටිය තෝරකොලයායේ දී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ගව සොරකමේ ගිය එක් අයකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.

මියගිය අය වීරකැටිය, හිගුරුමුලන බදුගේයායේ පදිංචි 45 හැවිරිදි සිවුදරු පියකු වූ රිදියගමගේ අරුණ ජයන්ත නමැති අය බවට හදුනා ගෙන ඇත. ඔහු කුලියට ගවයන් පටවන්නකු ලෙස රැකියාව කළ අයකු බව ද පොලිසිය කියයි.

වීරකැටිය යක්ගස්මුල්ලේ පදිංචි කරුවන් දෙදෙනකු තුවාලකරු වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඒ වනවිටත් උදරයට වෙඩි වැදීමෙන් සිදුවූ අධික රුධිර වහනය නිසා ඔහු මියගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයෙක් පවසයි.

මළසිරුර රෝහලට බාරදුන් දෙදෙනා වීරකැටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. අවුරුදු 38 සහ 43වයසේ පසුවන මොවුන් දෙදෙනා ගව සොරකමේ ගිය සැකකරුවන් බව පොලිසිය පවසයි.

Related posts

දස හැවිරිදි දරුවෙක් වැසිකිළියේදී සියදිවි නසා ගෙන

Admin

රුපියල් කෝටි 11කට ආසන්න මුදල් වංචා කළ සැකකරුවන් 57ක් අත්අඩංගුවේ

colombotoday

ගොවීන්ගෙන් 50% කගේ පොහොර සහනාධාර මුදල් දී නැහැ.. මූල්‍ය ප්‍රතිපාදනත් අවසන්.

Admin

ධූරයෙන් ඉල්ලා අස්වීමට මහින්ද දේශප්‍රිය සැරසෙයි

colombotoday

රෝහල් වල හිඟ ඖෂධ ලැයිස්තුවක් විපක්ෂ නායක ඉල්ලයි

Admin

එජාපයේ ජනප‍්‍රියම නායකයා ගෝටාභයයි !

colombotoday