Colombo Today Local News

අපේ බත්පතට ඉන්දියාවෙන් වස – ඉන්දියාවෙන් ගෙන්වන පරිප්පුවල අධික ලෙස විශ රසායනික

indian parippu

ඉන්දියාවෙන් ආනයනය කරන පරිප්පුවලද විශාල වශයෙන් විෂ රසායනික අඩංගු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන් වහන්සේ මේ බව පැවසුවේ වස විස නැති රටක් – ජාතික වැඩපිළිවෙල එලිදැක්වීමට අදාළව අද පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

“මම බයනැතුව කියනවා ලංකාවේ පරික්ෂා කලොත් ලංකාවේ පරිප්පු වල විශේෂයෙන්ම ඉන්දියාවෙන් ගෙන්නන පරිප්පු වල විශාල වශයෙන් බැරලෝහවර්ග අන්තර්ගතයි. ඒකට හේතුව ඉන්දියාව විශාල වශයෙන් කෘෂි රසායන ද්‍රව්‍ය හුඟක් ප්‍රදේශ වල යොදනවා.

කෘෂි රසායන නොවිදා කරන ගොවිතැනුත් ඉන්දියාවේ තියෙනවා. ඒක ඉන්දියාවේ මාකට් එකට හුඟක් මදි. එතකොට ලෝකයේ අපේ ගොවිතැන වස විසෙන් තොරව කරන්න අපිට තියෙන වාසි ඉඩකඩත් වැඩියි. නරක තත්ත්වයෙන් හොඳ තත්ත්වයට හැරෙන්න ලේසියි. පිටරටවලට හැරෙන්න හරි අමාරුයි”.

වස විස නැති රටක් – ජාතික වැඩපිළිවෙල එලිදැක්වීම ලබන 06 වනදා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ආරම්භ වනවා.

Related posts

ජනාධිපති මන්දිරය ඇතුළු පරිපාලන මර්මස්ථානවල ඇඟිලි සලකුණු ගුවන්තොටුපොළට

colombotoday

මොනරුන්ටත් වීසා දෙන්න රංගේ බණ්ඩාර පොටපාදයි

Admin

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

colombotoday

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි (Video)

colombotoday

09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභා වාරය අද ඇරඹේ

colombotoday

මේ වසර අවසානයට පෙර මත්තලත් චීනයට !

colombotoday