Colombo Today Local News

ඉන්දීය සංචාරකයන්ට මෙරට ගනුදෙනුවලදී තම රුපියල භාවිත කිරීමට හැකියි – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් හට දේශීය ගනුදෙනුවලදී ඉන්දීය රුපියල භාවිත කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ඉන්දීය වාණිජ කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ ආර්ථිකය, වත්මන් තත්ත්වය සහ ඉදිරි ගමන මැයෙන් වූ විශේෂ සම්මන්ත්‍රණයකට සහභාගි වෙමින් මහ බැංකු අධිපතිවරයා එලෙස ප්‍රකාශ කළේ ය.

මහ බැංකු අධිපතිවරයා විසින් එහි ප්‍රධාන දේශනය පවත්වන ලද අතර හෙතෙම ඉන්ටර්නෙට් ඔස්සේ සම්මන්ත්‍රණයකට සහභාගි වී තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය රුපියල නම් කරන ලද මුදල් ඒකකයක් බවට පත්කිරීම තුළින් දෙරට අතර වෙළෙඳ බේරුම්කරණ කටයුතු පහසු වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරන අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල් ගෙවීම් සම්බන්ධයෙන් ද මහ බැංකු අධිපතිවරයා අදහස් පළ කළේ ය.

එහිදී විශේෂ දේශනයක් පවත්වමින් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ අදහස් දක්වා සිටි අතර ඉන්දීය සහ ශ්‍රී ලංකාව අතර අනාගත ආර්ථික සහයෝගිතාවට අදාළ ක්‍ෂේත්‍ර හා දෙරට අතර තොරතුරු තාක්ෂණය, පුනර්ජනනීය බල ශක්තිය සහ සංචාරක ව්‍යාපාරය යන ක්‍ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී ප්‍රකාශ කළේ ය.

Related posts

කොත්මලේ ඔය සහ මහවැලි ගඟ දෙපස ජනතාව විමසිල්ලෙන් ඉන්න

Admin

සිංහල මව්වරුන් වද කිරීම : චූදිත දොස්තර අත්අඩංගුවට… ඇමති බදියුදීන්ගේ අතිජාත ගෝලයෙක් !

colombotoday

දේශපාලන පන්දමෙන් සෞදි ගිය ‘කුකුළ් කොටු හිමිකරු’ වෙනුවට ‘තානාපතිවරයෙක්’ සෞදියට ඕනෑකර තිබේ

colombotoday

“යහපාලනය උදාවී තිබෙන මේ මොහොතේ ඕනෑම අයෙකුට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගැයීමේ නිදහස තිබෙනවා“ – ඇමති වජිර

colombotoday

ඒකාබද්ධය, අපි දැන් යාළුයි.. ඒ අය රෑට රෑට ජනපතිත්, මාත් හමුවෙනවා – එස්. බී

colombotoday

රතුපස්වලින් ආණ්ඩුවට රතු එළියක්

colombotoday