Colombo Today Local News

ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලූ නඩුව බහා තැබේ

ආගමන හා විගමන පනතේ වැරදි සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අදාළව අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතියෙන් බලය තිබෙන බැවින් අධිකරණය විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් නොකරන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ.

එම සිද්ධියේ පැමිණිලිකාර ඕෂල හේරත් සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් විසින් මීට පෙර දින අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් ව තිබියදීත් ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවට පෙන්වා දී තිබුණි.

එබැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 32 වන වගන්තිය යටතේ අධිකරණයට පැවරී තිබෙන බලතලවලට අනුව ඩයනා ගමගේ අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසද එම නීතිඥවරු මීට පෙර අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

එහි තීන්දුව අද ප්‍රකාශයට පත්කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත්තේ, ඊට අදාළව කටයුතු කිරීමට අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ විමර්ශන නිලධාරීන්ට බලයක් තිබෙන බවය.

එබැවින් තම අධිකරණය විසින් මීට අදාළව නියෝගයක් නිකුත් කිරීම අනවශ්‍ය බවත් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර ඇත.

ඉන් අනතුරුව නඩුව දිනයක් නොමැති බහා තැබීමට ද මහෙස්ත්‍රාත්වරයා නියම කර තිබේ.

Related posts

කැනඩාවට සිංහලෙන් ගර්ජනා. ඉංග්‍රීසියෙන් ආයාචනා. | පිනට මන්ත්‍රී වූ සුරේන් රඝවන්ගේ දෙබිඩි කතා.

colombotoday

සහරාන් කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒමේ සුදානමක්

colombotoday

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

colombotoday

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday

“යුද සමයේ ද්‍රවිඩයන්ට හිංසා සිදුවෙලා.. ශ්‍රී ලංකාවට දඬුවම් කරමු” – බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා කියයි

colombotoday

විදෙස් ගමන් බලපත් 18 සමඟ යුවළක් අත්අඩංගුවට

colombotoday