Colombo Today Local News

ඡායාරූප ශාලාවක සල්ලි අච්චු ගැසූ දෙදෙනෙක් මාට්ටු

අලවතුගොඩ නගරයේ ඡායාරූප ශාලාවක කාමරක් තුල රුපියල් පන් දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 43ක් සහ ඒවා මුද්‍රණය කිරිම සඳහා භාවිතා කළ පරිගණක උපකරණ ඇතුළු උපකරණ පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.

පසුගිය උත්සව සමයේ භාණ්ඩ මිළ දී ගෙන රුපියල් 5000 නෝට්ටු මාරු කරමින් යන පුද්ගලයකු පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරක් මත එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටුවක් හමු වී ඇති අතර පසුව කළ ප්‍රශ්න කිරිම් හමුවේ මෙම සැකකරු රුපියල් පන් දහසේ නෝට්ටු මාරු කරන තැරැව්කරුවකු බව හෙළිවී ඇති අතර ඔහු සතුව තිබූ තවත් රුපියල් පන්දහසේ නොට්ටු 40ක් තිබී ඇති අතර පොලීසිය දැක ඒවා වැසිකිලි වලට දමා තිබේ. පසුව ඒවා ගොඩ ගෙන බැලීමේදී ඒවායේ තීන්ත බොඳ වී තිබූ බවත් පොලීසිය කියයි.

මෙම ව්‍යාජ රුපියල් 5000 නෝට්ටු පරිගණකය භාවිතා කරමින් මුද්‍රණය කළ බව කියන පුද්ගලයා සහ එම ව්‍යාජ නෝට්ටු සැබෑ මුදල් බවට පත් කරමින් සිටි බව කියන තැරැව්කරුද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් දෙදෙනා අද(20)දින වනදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

Related posts

ආචාර්ය උපාධිය ගැන කතානායකගේ ප්‍රතිචාරය

Admin

මංගල සුරා ගැසට් පත්‍රය අකුලාගනී !

colombotoday

රටපුරා මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

පොලිස්පති ඉවත් කිරිමට පොලිස් කොමිසමට බලයක් නෑ

colombotoday

ලාංකිකයින්ටත් සිංගප්පුරුව තහනම්

colombotoday

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

Admin