World

බීජිං හි ගිනි ගත් රෝහලලේ 29ක් මරුට

බීජිං හි රෝහලක ඇතිවූ ගින්නකින් අවම වශයෙන් 29 දෙනෙකු මිය ගොස් ඇති බව බිබිසී පුවත් සේවය වාර්තා කරයි.

එමෙන්ම මෙම සිදුවීම ගැන ප්‍රශ්න කිරීම සඳහා පුද්ගලයින් 12 දෙනෙකු පොලිසිය විසින් රඳවාගෙන ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් රෝගීන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

බීජිං හි Changfeng රෝහලේ මෙම ගින්න හටගෙන තිබේ.

බේරාගත් පිරිස මේ වනවිට ප්‍රතිකාර සඳහා වෙනත් රෝහල් වෙත යොමුකර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන අය අතර රෝහලේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙන්ම ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය කරන ආයතනයේ ප්‍රධානියා ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනි නිවන භටයින් 70 දෙනෙකු පමණගේ සහභාගිත්වයෙන් පැයක් ඇතුළත ගින්න නිවා දැමූ බවද විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

අමෙරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදීමක්.. වොෂින්ටනය කැළඹෙයි… 4ක් මරුට.

colombotoday

කොවිඩ් රෝහලක ප්‍රබල ගින්නක්

colombotoday

කොවිඩි 19 වෛරසය චීනයේ දී නිපදවූවක් බව ෆොක්ස් නිව්ස් පුවත් සේවය කියයි

colombotoday

නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්

Admin

චීනයේ සටන් පුහුණු පාසලක ගින්නකින් 18ක් මරුට

colombotoday

ඇමරිකාවේ සාදයකට වෙඩි වරුසාවක් – 14ක් මරුට – ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

colombotoday