ශ්‍රී ලංකාව තුළ නැව් සහ මහා පරිමාණ ටෝලර් යාත්‍රා නිෂ්පාදනය කිරීමේ අවස්ථාව ඉන්දියාවටද ලබා දීමට රජය තීරණය කර තිබේ.
හම්බන්තොට හෝ ත්‍රිකුණාමලය වරායන් ආශ්‍රිතව නැව් නිෂ්පාදන කටයුතු ඇරඹීමට රජය විසින් ගෙන තිබෙන මෙම තීරණයට අනුව ඉන්දියාවට අවස්ථාව උදාවනු ඇත.
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ චීනයට මෙරට වරාය හා ගුවන් තොටුපොළ හැදීමට අවස්ථාව දුන්නා සේම අසල්වැසි ඉන්දියාවටද ශ්‍රී ලංකාවට පැමිණ නැව් හැදීමට ඉඩදීමට යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු රජය තීරණය කර ඇතැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
Lakbima