Colombo Today Local News

හම්බන්තොට විදුලි ගබඩාවක් ස්ථාපිත කරන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම් සහ විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවලදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා විදුලිය ගබඩා කර තබාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

කොරියානු ජනරජය සමඟ ශ්‍රී ලංකා රජය අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර සම්මුතිය යටතේ හම්බන්තොට ජාල උපපොළ ආශ්‍රිතව මෙගාවොට් 5ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් සඳහා වන විදුලි ගබඩා පද්ධතියක් ස්ථාපිත කිරීමට කොරියානු රජය එකඟතාව පළ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතිය සඳහා කොරියානු වොන් බිලියන 14.3ක් (ඇමරිකානු ඩොලර් මිලියන 11.9 ක් පමණ) ලබාදීමට කොරියානු රජය එකඟතාවය පළ කර ඇති බව කී අමාත්‍යවරයා ඒ අනුව එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අදාළ පාර්ශවයන් අතර ගිවිසුම් අත්සන් කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙම අනුමැතිය හිමි වූ බව ද ප්‍රකාශ කළේය.

ඇමති බන්දුල ගුණවර්ධන මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (31)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

Related posts

මව – දරුවන්ගේ විලාප මැද කුඩු ජාවාරම්කරුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම

colombotoday

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව පහළ යයි

colombotoday

ගොවීන්ට පොහොර ගන්න රජයෙන් දෙන මුදලේ පළමු කොටස මුදා හරී

Admin

රජය සතු සියලු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814 යි !

colombotoday

ඌරනී වෙර⁣ළ තීරයේ දිය නාමින් සිටි දෙදෙනෙකු අතුරැදහන් වේ.

colombotoday

දර්ගා නගරයේ තාරික්ට පහරදීමක් සිදුවී නෑ. සිදුව ඇත්තේ මෙල්ලකර ගැනීමක්. නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම්.

colombotoday