Colombo Today Local News

පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ තරුණයින් දෙදෙනෙක් මාට්ටු

පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපය වීඩියෝ ගතකළ පුද්ගලයින් දෙදෙනෙකු පාර්ලිමේන්තු කොට්ඨාස නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව සැකකරුවන් දෙදෙනාව තලංගම පොලීසිය වෙත භාර දී තිබේ.

29 වනදා සවස් කාලයේ දී පාර්ලිමේන්තු අධි ආරක්ෂිත කලාපයට පාර්ලිමේන්තු පිට්ටනියේ රණවිරු ස්මාරකය අසලින් අනවසරයෙන් ඇතුළු වී සැකකරුවන් විසින් පාර්ලිමේන්තුව වීඩියෝ ගතකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22ත් 31ත් අතර පසුවන යාපනය හා කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

සැකකරුවන් ඊයේ (30)දින කඩුවෙල මහෙස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පෙබරවාරි 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related posts

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ? ජෝතිෂවේදියෙකු ගැන පොලිස් පරීක්ෂණ !

colombotoday

කුමාර වෙල්ගමගෙන් කථානායකට ලිපියක්

colombotoday

නව නීතිපතිවරයා ලෙස රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය

colombotoday

“මම ගියොත් ක්‍රිකට් ඉවරයි.. බාරගත් වැඩේ ඉවර කරල මිස මම යන්නෑ” – තිලංග

colombotoday

නාකොටික් නිලධාරින් 12ක් රක්ෂිත බන්ධනාගාරගත කරයි

colombotoday

පෙට්‍රල් බෝතලයක් 800යට වික්ක පොම්පකරුගේ බිරිඳ මාට්ටු

colombotoday