Colombo Today Local News

ජනාධිපති නිල නිවසින් හමු වූ මුදල් මහජන ආරක්ෂක ඇමැතිට භාරදෙන්න කිවූ දේශබන්දුට සිතාසි

අරගලය පැවති අවස්ථාවේදී කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල මහජන ආරක්ෂක ඇමැතිවරයාට භාර දෙන ලෙස කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියකට අදාළව ලබන පෙබරවාරි මස 16 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (26)දින සිතාසි නිකුත් කර තිබේ.

මෙම සිද්ධියට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

මෙහි පැමිණිලිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා අධිකරණයේ පෙනී සිට ඇත.

Related posts

9 වනදා තවත් ජාතික විරෝධතා දිනයක්

Admin

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂඨාධිකරණයට පෙත්සම් 10ක්…

colombotoday

උ/නැගෙනහිර වෙනම රාජ්‍යයක්, වතුකරයේ ස්වාධීන කලාපයක් ඕනෑ – විග්නේශ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

සාපෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට

colombotoday

ගෝඨාභය අද FCID යට…

colombotoday

යාපනය නාග විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට එරෙහිව උසාවි යයි !

colombotoday