Colombo Today Local News

අල්ලස් චෝදනා එල්ල වූ මාවනැල්ලේ පොහොට්ටුවේ සභාපති යළි රිමාන්ඩ්

අල්ලස් චෝදනාවක් යටතේ පසුගිය දා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් සහ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ හසිත තිලකරත්න නමැත්තා ලබන 31 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අද(19)දින සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමේන් අනතුරුවයි.

ගොඩනැගිලි සැලසුමක් අනුමත කරදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 20 ක අල්ලසක් ලබාගත් අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් අදාළ සැකකරුවන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ පිහිටි නවාතැන් පොළකදී අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

Related posts

අමිත ගමගේට නව තනතුරක්

colombotoday

බැදුම්කර මගඩියට අදාළ COPE වාර්තාව පිලිබදව නීතිපතිගේ ප්‍රතිචාරය පාර්ලිමේන්තුවට

colombotoday

කාන්තන්කුඩි මුස්ලිම් ගැටුමේ මෙතෙක් පල නොවූ දර්ශන සහ තොරතුරු – Videos

colombotoday

පැලවත්තේ නිවසක් බිඳ මිලියන 30ක් සොරාගත් සැකකරුවෙකු අල්ලයි

colombotoday

දෙමළ ජනතාව සතු උතුරේ අක්කර 100ක් නිදහස් කරයි

Admin

නව පූජා භූමි 03ක් ප්‍රකාශයට පත් කරේ

colombotoday