Colombo Today Local News

ඡන්දය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් ඇති බවට පළවන වාර්තා අසත්‍යයි – මැතිවරණ කොමිසම

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගත් තීරණයේ බෙදීමක් පවතින බවට පළවන වාර්තා අසත්‍ය බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

අද (11) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව සඳහන් කළේය.

ඇප මුදල් භාර ගැනීම වළක්වමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහු මැතිවරණ කොමිසම හමුවට කැඳවීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ය.

තවද, කොමිෂන් සභාව මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මේ මොහොතේ මැතිවරණ කටයුතු සම්බන්ධව විවිධ ක්‍රියාකාරකම් මැතිවරණ කොමිෂන් සභාව සිදු කරමින් පවති.

තව ද නාම යෝජනා කැඳවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමේ දී ද කොමිසමේ සියලුම සාමාජිකයින් එකඟතාවෙන් හා අත්සනින් යුතුව සිදුකර තිබෙන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ය.

Related posts

දිගම්බරම්ගේ සහය

Admin

රෑට මහ පාරේ රේස් පැද්ද යතුරුපැදි 24ක් අත්අඩංගුවට. පැද්ද අයට මෙන්ම හිමිකරුවන්ටත් නඩු

colombotoday

හකීම්ගේ “ගහ” දෙදරයි.. කුරාණය පදනම් කරගෙන නව පක්ෂයක් නැගෙනහිරින් බිහිවෙයි !

colombotoday

රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති රෝහලේ…

Admin

ඉන්න බැරිනම් යනු.. අපි ආණ්ඩුව කරගන්නම්.. මයන්ත ශ්‍රීලනිප ඇමතිලාට කියයි

colombotoday

“ඕන කෙනෙකුට උතුරු නැගෙනහිර වන්දනාවේ යන්න පුළුවන් වටපිටාවක් හදලයි තියන්නේ“ – ආරක්ෂක ලේකම්

colombotoday