Colombo Today Local News

“ඕන කෙනෙකුට උතුරු නැගෙනහිර වන්දනාවේ යන්න පුළුවන් වටපිටාවක් හදලයි තියන්නේ“ – ආරක්ෂක ලේකම්

karuna2323pissuඕනෑම පුද්ගලයෙකුට උතුරු නැගෙනහිර ප්‍රදේශවල වන්දනාමාන කටයුතුවල සහ සංචාරක කටයුතුවල නිරතවීමේ වටපිටාවක් සකස් කර ඇති බව ආරක්ෂක ආරක්ෂක ලේකම්, ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්න් උතුරු නැගෙනහිර ඇතුළු සියළු ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පලකලේ ගාල්ල උළුවිටකේ මහ විද්‍යාලයේදී පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

ආරක්ෂක ලේකම්වරයා එසේ පවසද්දී ඊයේ කොළඹ සහ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මඩකලපුව මංගලාරාමයේ සංවිධානය කර තිබූ ආගමික වැඩසටහනකට සහභාගී වීම සදහා ගමන් කරමින් සිටි පිරිසක් වැලිකන්ද, රිදීතැන්න ප්‍රදේශයේදී පොලීසිය විසින් මාර්ග බාධක යොදා මග අවහිර කර රදවාගෙන තිබිණි.

පසුව එම රථ පෙළ පොලිස් භාරයට ගැණුනු අතර පිරිස පාගමනින්ම මඩකලපුව බලා ගමන් කිරීමට තීරණය කරන ලදි. ස්ථාන කිහිපයකදීම පොලීසිය විසින් බාධ එල්ල කරන ලද අතර පසුව එම පිරිසේ ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවා තිබිණි. රාත්‍රී 9ට පමණ මඩකලපුව පූනානි පොලිස් බල ප්‍රදේශයෙන් එපිටට ගමන් කිරීමට කිසි සේත්ම ඉඩ දිය නොහැකි බව පවසමින් පිරිස විසුරුවා හැරීම සදහා කැරළි මර්ධන ඒකකයේ අධි පීඩන ජල ප්‍රහාරක රථද සූදානම් කර තිබුණු අතර විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ඇතිව එම පිරිස නැවත හරහා එවා ඇත.

මේ අතර ඊයේ සවස මඩකලපුව මංගලාරාම විහාරස්ථානය ඉදිරිපිටදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් දහසකට අධික පිරිසක් විරෝධතාවක නිරතවූ අතර කලහකාරී ලෙස හැසිරීමට උත්සහා දැරූ එම පිරිස පොලීසිය මැදිහත්වීමෙන් විසුරුවා හැර ඇත. රාත්‍රී 8ට පමණ නැවත වරක් කලහකාරී පිරිසක් මංගලාරාම විහාරස්ථානය වටකර විහාරාධිපති හිමියන්ට තර්ජණය කර, රතිඤ්ඤා දල්වමින් ගැටුමක් ඇතිකිරීමට උත්සහා දරා ඇති අතර පොලීසියට තත්ත්වය පාලනය කරගත නොහැකි වූ බැවින් විශේෂ කාර්ය බළකාය කැදවා කලහකාරීන් පිරිස විසුරුවාහැර ඇත.

මේ වන විටත් මංගලාරාම විහාරස්ථානයේ ආරක්ෂාව තර කර ඇති බවයි වාර්තා වන්නේ.

 

Related posts

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ආගමික ස්ථානවල නොකරන්නැයි පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලීමක්

colombotoday

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

Admin

සංහිඳියාවේ ක්‍රියාකාරී සැලැස්මට අදාළ නීති කෙටුම්පත් කිරීම් කඩිනම් කරන්නැයි,ජනපතිගෙන් උපදෙස්

Admin

රූමිට මුහුණපොතේ උපහාසාත්මක ප්‍රකාශයක් පළ කරලා.. බලන්ගොඩ නගර සභාව උණුසුම් වෙයි.

colombotoday

දිස්ත්‍රික්ක 9ක සරම්ප රෝගීන් වාර්තා වීම ඉහළට

Admin

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

colombotoday