Colombo Today Local News

ලබන වසරේ පැය 10ක විදුලි කප්පාදුවක් සිදුවන බවට කරන ප්‍රකාශ අසත්‍යයි – ඇමති කංචන

ගල් අඟුරු නොමැතිව ලබන වසරේ පැය10ක විදුලි කප්පාදුවක් සිදු කිරීමේ අවදානමක් ඇති බවට පළ වූ ප්‍රකාශ අසත්‍ය බව අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

අද (21)දින පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

අදාළ ප්‍රකාශය සිදුකළ විදුලි ඉන්ජිනේරු සංගමයට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් ගෙන නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගන්නා බව එහිදී ඔහු සඳහන් කළේය.

ගල් අඟුරු ප්‍රමාණවත් නොවන්නේ නම්, ඒ සඳහා විකල්ප බලාගාර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු දෙසැම්බර් 31 වන දා අවසන් වීම මත එම බලාගාරය සම්පූර්ණයෙන් ම නවතින බව ත් මේ හේතුවෙන් ලබන වසරේ පැය 10කට ආසන්න විදුලි කප්පාදුවකට යාමේ අවදානමක් මතුව ඇති බව ත් ලංකා විදුලිබල මණ්ඩල ඉන්ජිනේරු සංගමය ඊයේ (20)දින ප්‍රකාශ කර තිබිණි.

Related posts

කොරෝනා පාලනයේ මුල් තැන හමුදාවට ලබා දීම වැරදි – පෙරටුගාමි සමාජවාදී පක්ෂය කියයි

colombotoday

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම්

colombotoday

මහර කැරැල්ල – තුවාල ලැබූවන් 107 ක් දක්වා ඉහළට

colombotoday

චෛත්‍යයට නැග ඡායාරූප ගත් සිසුන් අටදෙනා අත්අඩංගුවට

colombotoday

“ලංකාවේ ක්‍රිකට් විනාශ කරා.. අවුල් ජාලයක් කරා…” – මුරලිගෙන් දේශපාලකයන්ට ප්‍රබල චෝදනාවක්

colombotoday

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

colombotoday