Colombo Today Local News

හිටපු ජනාධිපති මෛත්‍රීට කොවිඩ්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

සෙම් රෝග ලක්ෂණ පැවතීම නිසා අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට (අයි.ඩී.එච් රෝහලට) ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි අවස්ථාවේ සිදුකළ පරීක්‍ෂණයකින් හිටපු ජනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා අද (4) පෙරවරුවේ සෙම් රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයට ගොස් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා හමුවී ඇති අතර එම අවස්ථාවේ මෙම පරීක්‍ෂණය සිදුකර තිබේ.

ඔහු ප්‍රතිකාර ලබාගෙන නිවසට පැමිණ ඇති බවත්, මේ වන විට නිවෙසේ ප්‍රතිකාර ලබන බවත් වාර්තාවේ.

Related posts

දකුණේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

ලෝක පාරිභෝගික දිනය දා පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයන් වෙළෙන්දන්ට විකුණයි !

colombotoday

කන්ජිපානි ඉම්රාන්ගේ පියාත් අත්අඩංගුවට

colombotoday

රෝහිතගේ සහ ජොන්ස්ටන්ගේ නිවෙස්වලට හානි කළ කතක් අල්ලයි

colombotoday

පුත්තලමෙන් විල්පත්තුවට ඇතුල්වීම තාවකාලිකව නවතා දමයි.

colombotoday

තෙල් දෙන්නේ නැත්තන් මන්ත්‍රීවරු හෝටල් ඉල්ලයි

colombotoday