Colombo Today Local News

පොලිස් නිලධාරියෙකුට අධිකරණයේදී පහරදුන් සැකකරුවෙක් රිමාන්ඩ්

අධිකරණයේ රාජකාරී නියතු පොලිස් නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑ සැකකරුවෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ (2) දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ නිශ්ශබ්දතාව සඳහා අධිකරණයට පැමිණ සිටි පිරිස් දැනුවත් කිරීමට නියෝග කර ඇත.

එම අවස්ථාවේ අධිකරණයේ රාජකාරී නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයා විවෘත අධිකරණයේ රැස්ව සිටි මහජනතාව අමතා අධිකරණයේ කටයුතුවලට බාධා නොවන අයුරින් නිශ්ශබ්දව සිටින ලෙස දැනුවත් කර තිබේ.

එහිදී එක් පුද්ගලයෙකු අමතා නිශ්ශබ්ද වන ලෙස ත් අධිකරණ කටයුතු අවසන් නම් එම ස්ථානයෙන් පිටව යන ලෙසට උපදෙස් ලබා දී ඇත.

එම පුද්ගලයා එය ප්‍රතික්ෂේප කරමින් අදාළ පොලිස් කොස්තාපල්වරයාට බැණ වැදී පහරදීමක් සිදු කර නිලධාරියාගේ රාජකාරියට සාපරාධී බලහත්කාරය පෑමක් සිදු කර තිබේ.

අධිකරණයේ සිටි පොලිස් නිලධාරීන් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන නුවරඑළිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 43ක් වූ නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු ඊයේ (2)දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

වැඩිමිලට බිත්තර අලෙවි කරන්නන් සොයා වැටලීම්

Admin

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday

CSN කෝටි 15ක් රාජසන්තකයි !

colombotoday

කුඩු අංජු ගේ සල්ලි එකතුකළ යුවලක් කොටු. බිරිඳ නිලියක්.

colombotoday

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ සෝදිසි මෙහෙයුමක්

colombotoday

මාස 4ක් තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව භූ චලන 9ක්

Admin