Colombo Today Local News

මොරටුවේ ද්විත්ව ඝාතනයකට අනුබල දුන් 20 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

මොරටුව ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයකට සම්බන්ධ පුද්ගලයෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය ජුනි මස 26 වනදා සිදු වූ අදාළ ඝාතනයට ආධාර අනුබල ලබාදුන් බවට ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු 20 හැවිරිදි මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

ඔහුගෙන් ලද තොරතුරු මත අපරාධකරුවන් විසින් භාවිත කළ බව කියන ජංගම දුරකථන දෙකක් ද විමර්ශන නිලධාරින් විසින් සොයාගෙන තිබේ.

සැකකරු අද (13)දින මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකාව සහ CEPA – ඉන්දියානුවෙකුගේ ඇසින්

colombotoday

නියෝජ්‍යය කතානායක ධුරය ආනන්ද කුමාරසිරිට

colombotoday

සත්ව ආහාර නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අවසර

colombotoday

රුසියානු ගුවන් යානය පිළිබඳ ප්‍රශ්නය වහාම විසඳිය යුතුයි – දිනේෂ් ගුණවර්ධන

colombotoday

චීන සමාගම බලය පෙන්වයි.. හම්බන්තොට වරාය නැරඹීම පාසල් සිසුන්ට තහනම් කරයි..

colombotoday

“තවත් ඉවසනු බෑ.. අපේ රතු කට්ට පනින්න කිට්ටුයි“ – හෙළඋරුමය

colombotoday