Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

2022.09.16 වන දින වැලිකඩ බන්ධනාගාරයට ඇතුලත් කල඼සිරකරු එදිනම බන්ධනාගාරයෙන් අතුරුදහන් වීමත් සමග එම අතුරුදහන් වීම සම්බන්දයෙන්඾විමර්ශනයන් සහ සොයා බැලිම් සිදුකරමින් පැවතුනි.

ඒ අතරතුර දී 2022.09.30 වන දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් හොරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත ඉහත සැකකරු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කර ඇති අතර එහිදී බන්ධනාගාර නිලධාරීන් ඉහතදී බන්ධනාගාරයෙන් පැන ගිය සැකකරු ලෙස මොහු හදුනාගෙන ඇත.

එහිදී කළ විමසීම් වලදී ඔහු විසින් පවසා ඇත්තේ බන්ධනාගාරය තුල ඇති තාප්පය මතින් සූක්ෂම ලෙස පැන ගිය බවයි.

සැකකරු විසින් එහිදී බන්ධනාගාර නිලධාරීන් වෙත කිසිදු ආයාසයකින් තොරව පැන ගිය ආකරයද රග දක්වා පෙන්වා ඇත.

අදාල සැකකරු පොල් ගස් නැගීමට මෙන්ම නර්තන කණ්ඩායමක පිනුම් ගැසීමටද දක්ශයෙකු බව විමර්ශන වලදී හෙළිවී තිබේ.

සැකකරු පැනයාමේ චෝදනා මත ඔක්.13වන දින අතිරේක දිසාවිනිසිරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන බන්ධනාගාර විනිශ්චය මණ්ඩයල වෙත
ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

වතුර නැති පාසල් 1000ක්… වැසිකිලි නැති පාසල් 1800 කට වැඩී

Admin

ඇමති රාජිත ඇහින් දැක්කායි කී තජුඩීන් මරණයේ CCTV දර්ශනවල මොකුත් නැතැයි කැනඩාව කියයි !

colombotoday

කුපිත කරවූ පිරිස් ජොන්ස්ටන්ගේ කාර්යාලයටත් ජනතාව කඩා පනී

colombotoday

උතුරේ මියගිය අය සමරා විග්නේෂ්වරන් ස්මාරකයක් විවෘත කරයි

colombotoday

බැදුම්කර බෑණාගෙන් කෝටි 84ක අරක්කු පොල්ලක් !! (Video)

colombotoday

ගෝඨා ශ්‍රීලනිපයට ගත්තොත් මං ඉන්නෙ නෑ.. සමහරු කියනව මට අංශභාගෙලු

colombotoday