Colombo Today Local News

සමෘද්ධි දීමනාව රැගෙන යමින් සිටි මවගේ සල්ලි කොල්ලකාලා…

සමෘද්ධි දීමනාව ලබාගෙන නිවස වෙත යමින් සිටි වයෝවෘධ මවකගේ මුදල් මහමඟදී කොල්ලකා තිබේ.

සමෘද්ධි බැංකුවෙන් ලබාගත් රුපියල් 14,500ක මුදලක් ඇය සතුව තිබී ඇති බව සඳහන්ය.

දෙල්දූව සමෘද්ධි බැංකුවෙන් අදාළ මුදල් ලබාගෙන මාර්ගයේ ගමන්කරමින් සිටි වයෝවෘධ කාන්තාවක් මුලාකර සැකකරු එම මුදල් කොල්ලකා ඇති බව මොරන්තුඩුව පොලීසිය පවසයි.

සමෘද්ධි බැංකුවෙන් මාස 08ක හිඟ මුදල් රැගෙන බණ්ඩාරගම කළුතර මාර්ගයේ කළුතර දෙසට පාගමනින් ගමන් කරමින් සිටියදී අදාළ කාන්තාව එලෙස මෙම සිද්ධියට මුහුණදී තිබේ.

ඇය පසුපසින් පැමිණ ඇති සැකකරු, “ඔය අම්මගේ අයිඩින්ටිය හරිද බලන්න කියලා සමෘද්ධි මිස් කිව්වා.” යනුවෙන් පවසා ඇත.

වයෝවෘධ කාන්තාව සිය හැඳුනුම්පත පෙන්වනවාත් සමගම ඇය සන්තකයේ තිබූ රුපියල් 14,500 ක මුදල උදුරාගෙන ඇති සැකකරු නුගගොඩ දෙසට පළාගොස් තිබේ.

අදාළ කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර පසුගිය කාලයේ ජීවත්වී ඇත්තේ නිවස ආසන්නයේ වෙළෙඳසැළකින් ණය පදනම මත ලබාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලිනි.

ඒ වෙනුවෙන් රුපියල් 7,000ක මුදලක් ගෙවීමට ඇති බවද ඇය පවසා තිබේ.

එම කාන්තාව සමෘද්ධි මුදල් ලබාගන්නා අවස්ථාවේදී මුදල් කොල්ලය සිදුකළ සැකකරුව ද එහි සිට ඇති අතර නමුත් ඔහු කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැත.

Related posts

විදේශ සේවා කාර්යාංශයේ සේවා ගිවිසුම් අත්සන් කිරීම අදින් නවතියි. අත්සන් කිරීම රැකියා ඒජන්සියේදී පමණයි

colombotoday

හඳුනාගැනීමේ පෙරෙට්ටුව ගැන සාකච්ඡා කිරීමට හිජාස් හිස්බුල්ලාගේ නීතිඥයන් අයුතු උත්සාහයක් දරලා

colombotoday

ඉදිකිරීමේ කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුළු භාණ්ඩ වර්ග රැසක් ආනයනයට අවසර

colombotoday

“අතුරුදන් කිරීම් පිළිබඳ පනත විවාදයට ගෙන සම්මත කරගන්නවා“ – කිරිඇල්ල

colombotoday

නතාෂා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරයි

Admin

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

colombotoday