Colombo Today Local News

රාජ්‍ය දේපළ අවභාවිතා කල මිරිස්කුඩු ප්‍රසන්නගේ පුත්‍රයාට එරෙහිව සී.අයි.ඩි.යට පැමිණිල්ලක්

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ පුත්‍රයා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ උපකාරක පංතියකදී පාසල් සිසුන් පිරිසකට පහරදුන්නේ යැයි කියන අවස්ථාවට රජයට අයත් වාහනයකින් පැමිණීම රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමක් බවත් ඒ පිළිබඳව අමාත්‍යවරයාට සහ පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සර්වපාක්‍ෂික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිරාෂාන් විතානගේ මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (29)දින පැමිණිල්ලක් කළේය.

රාජ්‍ය දේපළක් වන අමාත්‍යංශ වාහනයක් අමාත්‍යවරයකුගේ පුත්‍රයකුට මෙවැනි දෙයකට පාවිච්චි කළ නොහැකි බවත් ඒ පිළිබඳව වහාම පරීක්‍ෂණයක් ආරම්භ කළ යුතු බවත් නිරාෂාන් විතානගේ මහතා එම පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

Related posts

පුරුදු තැනින් ම ගෑස් ගන්න ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Admin

වියළි ගංජා කිලෝ 8ක් සමගින් දෙදෙනෙක් අත්අඩංගුවට

Admin

යාපනයෙන් ගෙනා ගංජා කිලෝ 5ක් දඹුල්ලේ දී අල්ලයි

Admin

ඇමති වසන්ත සේනානායක ස්වාධීන වෙයි…

colombotoday

මෙහෙම ගියොත් ජනාධිපති බින්දුවෙනුත් පහලට බහිනවා ! මෛත්‍රී කියයි

colombotoday

නව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය – ගම්මන්පිල සහ රමේෂ් සම-කැබිනට් ප්‍රකාශක ධූරවලට

colombotoday