Colombo Today Local News

මහ රැජිණ ගැන ශෝක විවාදයක් 24 වැනිදා පාර්ලිමේන්තුවේදී…

අභාවප්‍රාප්ත දෙවෙනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13)දිනද් තීරණය කළේය.

මහරැජිණ වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා සිදු කෙරෙනු ඇත.

අභාවප්‍රාප්ත එලිසබෙත් මහ රැජිනට ගෞරව දැක්වීම සඳහා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වෙනිදා පළ කළහ.

මේ අතර ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදය දෙවැනි දිනයටත් 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට නියමිතය.

එම විවාදය පස්වරු 1.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.

Related posts

විදුලිබල මණ්ඩලේ වැටුප් එක්කම ලයිට් බිලත් ඉහළට

colombotoday

රාජාංගනයේ සද්ධාරතන හිමි තවදුරටත් රිමාන්ඩ්

Admin

අද විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

පැල්පත්වාසී ශාමුගම්ගේ ඉඩම මංකොල්ල කෑ මුස්ලිම් ජාතිකයාට පොලිසියෙන් අනුබල

colombotoday

ඖෂධ හිඟයෙන් රජයේ රෝහල්වල සැත්කම් සීමා වෙයි

colombotoday

අලිමංකඩ ප්‍රහාරයට චෝදනා ලද මහ කොටියකුට නිදහස

colombotoday